Posts

Showing posts from March, 2012

හයි හීල්ස් VS බාටා කටු

Image
බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා  මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා නද දුන්නා මා හඩ මුළු බසය අරා කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා කීවා ගලපා වදන් අනේ සොරි කියා කකුලේ වේදනාව කොහේදෝ ගියා ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා

අළුගෝසු සටහන

Image
"සමරපාල පොඩිසිඤො" මම අඳුරු කුටියේ වූ කලු ලෑල්ලේ හුණු කූරක් මැවූ රටා කියවුවෙමි. ඒ මිනිසෙකුගේ නමක් වීය. මෙලොව විසූ තවත් එක් මිනිසෙකුගේ නමක් විය.  ඔහු කවුරුන්දැයි මා නොදනිමි. කලු ලෑලලේ මෙසේද වීය. "ප්‍රණය සිඳෙන තුරු එල්ලා තැබුවා 1951.10.15 වන දින පෙ. ව. 11 පසුවී 16 වන මිනිත්තුවේදී" මට එදින 11.15 වන මොහොත ගැන කල්පනා වීය. අකුරු රටා මා දෙනෙත් විඩා ගෙන දුන්නේ මා දැඇස මානයේ එල්ලෙන තොන්ඩුව දෙස බලා හිදින්නට වීමි. "උඹලයි අප්පොච්චි අදත් එකෙක් එල්ල්ලා."අම්මගේ වදන් මාතුල මහත් වූ අපුලක් පියා කෙරේ ඉපදවීමට සමත් වීය. කටගොන්නකට රා කටු හලාගෙන ආ පියාණෝ මහත් වූ පුරසාරම් දොඩවයි. ඒ වදන් මා සවන් වලට යවුලින් අනින්නා  සේම විය. තාත්තාගේ පුරසාරම් වලට හූ මිටි තියනුයේ අම්මාම විය. දෙන්නා දෙමහල්ලන්ගේ වාදයේ අවසානය වනුයේ අම්මා හොඳ හැටි තැලුම් කෑමත් කුස්සිය මුල්ලෙන් ඉකි බිඳුම් හඬකුත් ඉතිරි වීමය. ඊට පසු ඊටත් වඩා මහා හඬින් ඉකි ගසා හඬා හතර ගාතය දා නිදාගනුයේ පෙර රකුසු වෙස් ගෙන සිටි තාත්තාය. ඔහු කවුරුන්දැයි මා තබා අම්මාවත් දැන නොසිටින්නට ඇති වගක් මට හැඟේ. පසල් සමය මා නෝන්ජලයකු කිරීමට පියාගේ රැකියා...

ඔබ කකුස්සි කටක්ද?

Image
කාටවත් මඩ ගැසීමට හෝ අපහසු තාවයකට පත්කිරීමට හෝ විවේචනය යන වදනට මුවාවි නින්දිත ලෙස පහර ගැසීමට මෙයින් මා බලාපොරොත්තු නොවන බව මුලින්ම තරයේ ප්‍රකාශ කර සිටිමි. මෙය හුදු මා දරණ තවත් එක් මතයක් , එහෙමත් නැත්නම් මට හැඟෙන විදිය , මා දකින විදිය සමාජය හමුවේ තැබීමක් බව වටහා ගනු මැනවි. මා මුලින්ම යොමු කලාක් සේම නැවතත් ඔබෙන මම අසනුයේ ඔබ කකුස්සි කටක්ද යන්නය. මේ වන විට ඔබට මා කෙරේ වෛරයක් හෝ පිළිකුලක් ඇතිව ඇත්නම් එය සධාරණය. එහෙත් ඔබත් මාත් කකුස්සි කටකට උපමා කර තිබේ යයි මට හැඟේ. ඔබගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටුකර දෙන අර පික් මේ පික් හාපික් දමා මදින කකුස්සි කට මට සමාන වූයේ කෙසෙද යන පැනය මේ වන විට ඔබට පැන නැගී ඇතුවා නිසැකය.  මිනිහෙක් වෙච්ච මන් කොහොමද යකෝ කකුස්සි කටක් වුනේ , මූට පිස්සුද කියා ඔබට හිතී ඇතිවා මෙන්ම මා කියන්න යන්නේ කුමක්ද යන්නත් සමහර විට ඔබ දන්නවා ඇත. මෙය කීමට මා ප්‍රමාදයයි හැඟේ. කවුරුන් හෝ මීට ප්‍රථම මෙය කියා ඇතයි මම නොදනිමි. නමුත් එය මා ඔබට කියමි. ඔබ මහ මග යන විට මේ පුවරු දැක ඇතිවා මෙන්ම සමහර විට රූපවාහිනියෙන් දැක ඇතැයි මා සිතමි. සැබැවින්ම ඔබට හිතුනේ කුමක්ද යන්න මට සිතුන ඩේ හා සසඳා කියා...

අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ

Image
අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ නැගෙන බහින රළ බැලුවා මගේ ජීවිතේ නුඹ නොමැතිව නැත සුවයක් මගේ ලෝකයේ හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ සිත් වෙරළේ තැනුවයි මං අහස් මාලිගා දරුණු රළක් සේ ඇවිදින් නුඹ බින්දයි ඒවා රිදුනු සිතේ සෝ සුසුමන් ඇතිවයි බෝමා බිදුණු රලේ පෙන කැටි සේ විසිර ගියෙයා සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ  විටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ 

ඈ නාමලීය

Image
ඈ යලිත් මට මුණ ගැසුණාය. ඒ වන විට ඈ පුරන් වූ කුඹුරක් සේ මට දිස්වුනි. ඇගේ දෑස් මලානික වී තිබුණි. ක්ෂණික මතකයන් සමුදායක් මා මනසේ සිතුවම් පෙළක් සේ ඇඳී බොඳවී ගියාය. ඈ මාහා සිනාසිනි.මමද පෙරලා ඈ හා සිනාසුනෙමි. ඈ නාමලීය.  ඈ මාගේ පෙර බිරිඳ වූවාය. නාමලක් සේම ඈ මා දිවිය සුවඳවත් කලාය. නමුත් ඒ සුවඳ සදහටම උරුම කර ගන්නට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. අතීතය සිහිවී මට නිතතින්ම බැලුනේ ඇගේ ලැම දෙසය.  ඒ සමගම ඈ අතින් අල්ල සිටි සමීර පුතු මා හදුනාගත්තේ, තාත්තී යයි කියමින් පැමින උණුසුම් හාදුවක් පිරිනමන ලද්දේ හොටු තලියක්ද මා මුහුනේ අතුල්ලාය. මට පිලිකුලක් නොදැනිනි. මා පුතු වඩාගත් අයුරු දැක ඈ ‍නෙතු කඳුලින් තෙමී තිබුනි. ඈ මා අසලට පැමින "පුතා තාත්තිට කරදර කරන්න එපා" යයි කීවාය. ඇගේ බසට ආවනත නොවූ පුතු සුරතල් බස් දොඩන්නට විය.  අමාරුවෙන් වචන ගලපාගත් මා "නාමලී, ඉතින් කොහොමද කියා ඇසීමි. ඈ කඳුලත් සිනාවත් අතරින් මා මුහුණ දෙස බලා උන්නාය. මා ඇසූ ගොන් පැනයට සියලු පිලිතුරු ඇගේ මුහුනේ රැඳී තිබුනි. බොහෝ දුරක් පයින් ආ නිසාදො ඈ වෙහෙසට පත්ව සිටියාය. දූවිලි කාස්ටකය ඇගේ මුහුන සහ මුදු කෙස් කලඹ යටපත් කර නැගී තිබුනි. මට ම...

නුඹේ උසාවියේ නිවුරදි වැරදිකරු මා

Image
එල්ලා මරා දමපං මා නුඹේ කෘර හෘද රාජ්ජේ ඉවසුවත් මා නූඹ දීද සැනසීමක් මට ජූරියත් නුඹ නම් විත්තියත් නුඹම නම් නුඹේ උසාවියේ නිවැරදි වැරදිකරු මා දීපං ඉතිං උපරිම දඩුවම් තවත් විදින්නට දුකක් නොමෑත මට වීදවුවා මං නුඹ නිසා උගුල්ලාපං මේ ඇස් නුඹ දෙස සෙනෙහෙන් බැලූ නිසා කපාපං මේ දෑත් නූඹ සෙනෙහෙන් වැලදගත් නිසා පලාපන් මෙ දෙතොල් නුඹව සිපගත් නිසා.........

යන්න අවසරයි අම්මි, අප්පච්චී........

Image
මන් ඉපදුන දවසෙ ඔයා මාලඟ නොහිටියත් ඉපදුන ආරන්චිය අහලා ගොඩක් සතුටු උනා කියලා මට අම්මි කිව්වා. නිවාඩු අරන් මාව බලන්න ආපු ඔයා මට දීපු හාදු වල උණුසුම මට තාමත් මතකයි අප්පච්චි. ඒත් අපි හැමොගෙම සතුට උදුරගන්න තරම් කාලය නපුරු වෙලා කියලා ඒ දවස් වල මන් දැනන් ඉන්නෙ කොහොමද, ඉපදිලා මස තුනක් වෙච්චි මම.  ඔයාගෙ පොඩි දෝනි අප්පච්චි කියන කොට එක අහන්න ඔයා මා ලන්ගින් හිටියෙ නෑ අප්පච්චි, මගේ දඟ වැඩ බලාලා සතුටු වෙන්න ඔයාට වාසනාවක් තිබුන් නෑ අප්පච්චි, ඔයාගෙ දෝනි ටිකටික ලොකුවෙද්දි ඔයාගෙ උණුසුම හොයන කොට, ඔයාගෙ සුලැඟිල්ල අල්ලන් සිගිති දෙපා තියලා ඇවිදින්නට හදන කොට ඔයා මගේ ලොකෙන් යන්නම ගිහින් කියලා මන් දැනන් උන් නෑ අප්පච්චි. අම්මා කඳුළු බිබී මාව ලොකු මහත් කරා ඔයාගෙ මතකයන් හිතේ තියාගෙන ඔයාගෙන් එයාට ලැබුන ලොකුම තෑග්ග මම කියලා මට කියලා දීලා. ඔයාගේ රූපෙ මට මතක නැතත් ඔයාව මතක් කරන්න යද්දී මගේ ඇස් දෙක බොඳ වෙලා මට ඔයාව පේන් නැතිවම යනවා අප්පච්චි, පොටෝ පොත් වල ඉන්න ඔයාව ඩැක්කම ඒවා මට වැඩිය වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ. හැබැයි මට තාමත් මත්කයි ඒ දවස නම්, අම්මිත් එක්ක පෙර පාසල් ඇරිලා එද්දී කොල පාට ජීප් එකකින් අවිත් හිටපු ...

සුදු සද දුටු සද උඩු බුරයි මගේ සිත

Image
සුදු සද දුටු සද මතක් වී නුඹේ පෙම උඩු බුරයි මගේ සිත නාකි බල්ලකු ලෙස උඩුබුරනා විට මහ හඩන් අසා ඉදිපන් ඉතින් සී මැදුරු කවුළුවෙන් නිදි යහනට වී තුටින් මාගෙ දුක් සුසුමන් පාරයි සදේ සදකැන් සමුදී නුඹ ගිහින් අමාවකයි දැන් ඉතින් තනි තරැවක ලෙසේ බැසයන සද විලසේ තනි කලේ මා කෙසේ කියාදී යනු ලදේ.........

දෙකම එකමැයි කියනු නම් කෝම

Image
රෑ වටෙන පිනි බිංදු  මොන තරම් සොදුරැයිද නුඹ ඉල්ලා හඩන අනෝරාවට වඩා විද බලන් පිණි පසහ තේරෙයි නූඹට ඉදින්  වැස්සත් දියයි පින්නත් දියයි දෙකම එකමැයි කියනු නම් කෝම

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්

Image
කස්ටියට මගේ කතාවත් කියන්න හිතුනා, කොතනින් පටන් ගන්නවද කියලා කල්පනා කරකර ඉන්දැද්දී කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ගැන ලියන්න හිතුනා, මොකද එක තුල මහලොකු සමාජවාදය, රැග්, ආතල් තව බොහෝ දෑ තිබුන නිසා. ඔන්න ඉතින් මන් සා/පෙළ වල මැතයි විද්‍යාවයි හොඳටම ගොඩ දා ගත්ත නිසා මහ ලොකු කෙරුමා වගේ උසස් පෙළට මැත බදා ගත්තා. ඉතින් රොටරියට බඩගාලා මුල් සැරේ විබාගෙ කලා. අප්පට සිරි , ප්‍රතිඵලේ මැතටම කෙල වෙලා, ඉතින් දෙවනි සැරේ යන්තම් සන්තම් විස්ස විද්‍යාල වරම් ලබා මෙකැනිකල් ඉංජෙකු  ලෙස අධ්‍යාපනය ලැබීමට හැකිවිය. ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ඉන්ටව් එකට ගියපු දවසේ එකෙ හිටපු එවුන් මාව අල්ලන් මල්ලි උබ කොහෙද? අවේ ඉන්ජෙක් වෙන්න නේද? හොඳට ඉගෙන ගනින්, අපි දෙන්නම් පුල් බැකප් එක කියලා මාව මුරුන්ගා අත්තේ උඩටම නැග්ගුවා. ඉතින් ඉන්ටව් ගිහින් ඇවිත් සතියකින් ඈවා ඇවිත් ලියාපදින්චි වෙන්න කියලා ලියුමක්, මගේ ඉහේ මලක් පිපුනා වගේ, එත් මම ලියාපදින්චි වෙන්න් ගියේ සතියක් පරක්කු වෙලා, ඉතින් රටක් රාජ්ජයක් දිනපු එකෙක් වගේ මාත් ගියා ලියාපදින්චි වෙන්න, ගියාම එකෙක් මාව අල්ලන් අමුතු නීති පද්දතියක් පැනවුවා.මාත් ඉතින් වෙන බල්ලන්ගේ ඒරියල් එකක තනිව...