"තවම නොකියු පෙම........"



"නිසල සිත සසල වී 
යාවීදෝ තව සිතක් හා 
සසුමකට ලංවී පාවීදෝ 
මේ අහස පුරා 
සිතුම් අවදිව කිතිකවයි 
මා හද මඩල අරා 
තවම නොදනිමි මසිත 
ගත් ඈ කවුරුදෝ කියා 

මුවග සිනැහෙයි නොදනිමි  
ඒ ඇයිද කියා 
දෙනෙත් මග බලයි 
කවුරුදෝ මග එනතුරා 
දහසක් පැතුම් සිතේ පීදෙයි  
සුබ සිහිනයන් දකිනු නියා 
සිතුම් යාවී ඉඟිකරයි 
මුලු ලොවට හොරා 

දෙනෙත් එක්වී වේය දොඩමලු 
පෙම්වන්තයින් ලෙසින් 
සවන් පිළිරැව් දේ 
යලි යලිත් ඈ කියූ වදනින් 
නෙතේ කදුලැල් නොමැත
එනමුදු හෙලයි සුසුමන් 
 මසිත විඳවයි දවයි 
තවම නොකියු පෙමක් විසින්" 



Comments

  1. මසිත විඳවයි දවයි
    තවම නොකියු පෙමක් විසින්

    ReplyDelete
  2. ඉක්මනට කියල දාන්නෝ.................වෙන කවුරු හරි කියන්න කලින්.

    ReplyDelete
  3. ආදරය හිතේ තියාගෙන දුක් විඳිනැවට වැඩිය කියලා දාන එක තමයි හොද. නැත්නම් දුක වැඩියි නේ. මොනවා උනත් ලස්සන කවි සංකල්පනාව නියමයි අයියා. අයියට කවි සංකල්පනා ලියන්න වෙන්නේ ගෙදර ගියාමද ? හැමදාම කවි කියවන්න තියේ නම් හොදයි

    ReplyDelete
  4. @ dinesh : කියන්න තවම හරි වෙලාව ආවෙ නෑ

    ReplyDelete
  5. @ මධුරංග : ‍ගොඩක් ස්තූතියි මල්ලී, බලන්නම් ඉස්සරහට දිගටම ලියන්න

    ReplyDelete
  6. පට්ට මල්ලියො,
    මට නම් බර වචන වලින් කොමෙන්ටු ඩන්න තරම් සින්හල ඩන්නෙ නෑ එත් ෆට්ටම තමා.............

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්