"නුඹම විය.........."



"ආදරය නම් 
අන්දකාරයේ
මංමුලාවූ හදවතට 
ආලෝකයක් වී 
දිවි මාවතේ 
ඇවිද යන්න 
මග පෙන්වමින් 
සිත් අහසේ පෑයූ 
පුංචි තාරකාව 
නුඹම විය 
මා දාවා පෙලා
මා අසරණ කළ
පාළුව තනිකමට 
නැවතුමක් වූයේ 
නුඹම විය 
මා කදුළ සේම 
මා සිනහව  
හදුනාගත්තේද
නුඹම විය 
මවකසේ 
සෙනෙහසින් 
සොයුරියකසේ 
ආදරෙන් 
මා වටා හිදි
මහා පවුර 
නුඹම විය 
මගේ හද ගැහෙන රාවය 
ඒ හදේ රිද්මය 
හැදිනියේ 
නුඹම විය 
දෛවයේ සරදමින් 
පුංචි තාරකාව 
සිත් අහසින් ගිලිහිනිදෝ 
නොදනිමි තවම මා
ඒ මතකයන් සැමදා 
කදුලු පිණි වී 
නෙතු අගින් ගිලිහුනද
මගේ හදවතට 
 යලිත් 
වේදනාව 
මා ලොවට 
පාලුව තනිකම 
රැගෙන ආවේ 
නුඹම යයි 
ලොවට හඩගා 
කොළස නමි මා 
කියනු පවසන් 
ඉතින්"




Comments

  1. මා ලොවට
    පාලුව තනිකම
    රැගෙන ආවේ
    නුඹම යයි
    ලොවට හඩගා
    කොළස නමි මා
    කියනු පවසන්
    ඉතින්"

    ReplyDelete
  2. ගොඩක් දුක හිතෙන විදිහට ලියපු කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි බිගු සහ මධුරංග සහෝ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්