"බොට අයිතියක් නෑ........"



ඉපදෙමින් මැරෙන 
මේ සසරේ 
උඹේ ඔය ශරීර කූඩුවෙ 
මොන ලස්සනකක්ද
උඹ ඕක අතහැරල 
හමාරයි 
කියපන් උඹේ 
පිරිවරට මෙහෙම 
"බැහැපන් ඉතින් පොළවට 
තබපන් ඔය අඩිය බිමින්" 
දැනෙනවද උඹට 
ඒ මිනිස්සුන්ගෙ 
හද ගැහෙන රාවය 
උපන් බිමට බරක් නොවී 
මේ පොළවෙ පය ගහල 
ජීවත් වූවන් 
අවසන් නින්ද 
නිදද්දී 
අපතයෙකු වගේ මෙහෙට එන්න 
බොට අයිතියක් නෑ
‍බොලා තවමත් පොදි ගහනව 
මහ ලොකුවට ඉරිසියාවයි 
කුහකකමයි මාන්නයයි 
මළ දාට ලොකුවට 
මල් වඩම් පාවඩ 
බොලගෙ මරණෙට 
අඩන්නෙත් කුලියට
උඹගෙ සිව් රියන 
අපූරුවට සරසද්දි 
එහෙමවත් නැති 
සැබෑ මිනිසුන් විරලමයි 
හැබැයි ඒ අය අතර 
උඹ තවත් අපතයෙක්ම 
විතරයි 
ඔව් උඹ _ _ අපතයෙක්ම 
විතරයි.


 

Comments

  1. උපන් බිමට බරක් නොවී
    මේ පොළවෙ පය ගහල
    ජීවත් වූවන්
    අවසන් නින්ද
    නිදද්දී
    අපතයෙකු වගේ මෙහෙට එන්න
    බොට අයිතියක් නෑ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්