"කවුරැන්ද මා හට............"



"වේදනාව මිහිරක්ම වූ කළ 
ඒ මිහිර මා ගත නිති 
පෙළන්නේ මන්ද 
වේදනාව මා හට මිහිරක් 
වූයේ කෙලෙසද 
සිත ඇතූලේ තෙරපී තෙරපී 
මා පෙළන ඒ කුකුස 
අනාගතය ගැන බියකරු සිහින 
මවන්නේ මන්ද 
පොදි ගහගත් ජීවන ගැලේ 
ගොනු කුර ගෙවීවත්ද 
මග නවතින්ට සිත් දේ 
යා යුතූ මග තව තිබියදී 
මා සෙවූ මා සොයන 
විවේකය කොහේ සැගවීදෝ 
මා දිවිය සැඩ පහරකට නතු වී
ලෙස හැගේ මට 
හබල නැති ඔරුවක් සේමැයි 
ගසායයි ඔහේ ඒ මේ අත 
කුමක් කරමිදැයි නොදනිමි මා 
අනේ පිහිටක් වන්නේ 
කවුරැන්ද මා හට"

Comments

  1. මා සෙවූ මා සොයන
    විවේකය කොහේ සැගවීදෝ

    ReplyDelete
  2. පිහිටක් නැති කා හටත් ඔහොම හිතෙනවා ඇති නේ ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්