"අනේ ඇයි අම්මේ......"


"අනේ ඇයි අම්මේ
මනුසත්තු අලිඇත්තුන්ට
මෙතරම් වයිර 
කරන්නේ............

අපේ කැළෑ එලිකරල
ඒ ඇත්තො 
හේනක් පැලක්
අටවගෙන
වගා කරනව 
තමයි........

ඒකකට පැනල
අලයක් බතලයක්
උගුල්ලන් කෑවෙ
ඒ අයගෙන් 
පලිගන්නවත්
වගා පාලු කරන්නවත්
නෙමෙයි..........

ඉන්න බැරි
බඩගින්නටයි.........

මේ නියන් සායෙ
අපටයි කියා 
ඒ හැටි කෑමක්
කොයිබින්
කියලද?........

අපේ අප්පච්චිල
ලොකු මාමල
වගේ 
ඒ ඇත්තන්ට
දරුණු වෙන්න
මට හිතක්
නෑ අම්මෙ.........

ඒ අත්තොත්
පන කෙන්ද
ගැට ගහගන්නෙ
අමාරුවෙන් කියල
මම දන්නව........

බුදුන් සරණ ගිය
නාලගිරි වගේ
අපිත් 
කවදා හරි
මේ සන්සාරෙන් 
එගොඩ වෙන්න 
ඕන.........

ඒත්,
මනුසත්තු
උන්ට ළමයි
නැති ගානට
හිතක් පපුවක්
නැතිවද,
මගේ සිඟිති
දළ කොට 
දෙකට
මෙතරම්
කෑදර 
අනේ ඇයි අම්මේ......"

Comments

  1. අපේ රටේ අලි මිනිස් ගැටුම අලි පැටවකුගේ මනසින්

    ReplyDelete
  2. අපෙ සමාජෙයේ සමහරුන්ට තිරිසනුන්ට තරම්වත් ඔළුවක් නෑනෙ ඒ නිසා මෙවගේ ෙද්වල් දැන් සාමාන්‍ය දෙවල් බවට පත් ෙවලා

    ReplyDelete
  3. මිනිසා කියන සතාගෙ මනස දැන් පහත් වෙල තියෙන්නෙ..........
    @ සමීර : ස්තූතියි සහෝ...........

    ReplyDelete
  4. අපේ රටේ අලි මේ ගෙවන්නේ නාලාගිරි ඇතා ගේ පවද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්