"දරුණු අපරාධකරුවෙකු?......"
මා
කවදා කොහොම
කුමන වරදකට
මෙහි
පැමිණියාදැයි
මමම
නොදනිමි......,
අන්න අරූ
දරුණු
අපරාධකාරයෙක්
මිනීමරුවෙක්
යයි
මා දකිනා විට
කියූවත්
මා කළ
වරද
කුමක්දැයි
උන් එකෙකුවත්
මගේ
මුහුණට
නොකියයි
මා වෙනුවෙන්
කිඹුල් කඳුළු
හෙලන්නන්
බොහෝමය...
මට උන්ගේ
අනුකම්පාවෙන්
පලක් නැත
උන්ට ඇනුකම්පා
කරන්නට
හිතක් පපුවක්ද
නැත.....
උන් මා
මරා දමාවි
නැහැ,
උන්ට මා
මරන්න බෑ
උන් මගේ
කය මරා දමාවි
මගේ සිතුවිලි
හිස් අහසේ
මා සමඟින්ම
මගෙ තනියට
හිඳීවි
මා උන්ට
ඕනෑ ලෙස
හන්වඩු
ගසා
අවසානයි
ඒත්
මා
මරා දැමූ
පසු
මා වෙනුවෙන්
අවන්කව
දුක්
වෙන්නන්.............?"
සිතුවිලි වලින් හිර නොවූ අපරාධකරුවෙකු
ReplyDeleteසිර ගත වන්නට වරදක් සිදු නොකළත් සමාජයේ අවනීතිය රජකරන තාක් යහපතුන් තව දහස් ගණනේ සිරගත වනු ඇත මැරුණු පසු ඔබ වෙනුවෙන් දුක් වන්නන් සෙවීම අනවශ්‍යය ඊට පෙර ඔබට වැරදුණු තැන සොයාගන්න
ReplyDeleteවැරදුනු තැන් නම් දහස් ගනනින් ඇති අතීතයට යන්න පුලුවන් නම් ඒවා හදාගෙන ගොඩක් කල්
ReplyDelete@ සමීර : තැන්කු සහෝ..........
Patta Machan...! , keep going...
ReplyDelete@ goshan : thanxx machan
ReplyDeleteonna ayeth set una
ReplyDelete@ බිඟු : ඔබට ගොඩාක් ස්තූත්යි බිඟු සහෝදරයා
ReplyDelete