"ජීවිතෙන් පලා යමි?...."



"ජීවිතය
අරුත් සුන් 
සිහිනයකි යයි
මට සිතේ.......
කිසිත් නැත එහි
වියැකුණු 
පැතුම් මිස,
බුද්ධියට බිලිදුන්
ආත්මය
පන අදී 
විරැකියා
පෝලිමේ.........,
අයාලේ යන 
ජීවිතය 
හිස්ය පිළිකුල්ය 
මට, 
ලෝකය නම් වූ
රඟ මඬලේ
විටෙක 
නලුවෙකු වීද 
මන්?, 
කුණු කාණු පල්ලේ
ගලා යන
කුණු කිලි
සේය
මේ ජීවිතය,
මහ දුකින්
අහස බැලීමි
කිසිත් නැත 
එහි
හිස් අහසම මිස, 
දෙනිත් වසා ගතිමි
දුක් දෝමනස්සයන්
නොපෙනෙන්න,
දෙකන්ද වසා ගතිමි
දුක් අදෝනා 
නොඇසෙන්න, 
කිසිත් නැති 
මහ පොළවේ 
වකුටු වී නිදමි 
මම
මරණයේ 
සුදු සිහින
සැබෑ වෙනු
දකිනු වස්
ජීවිතෙන්
පලා යන්ට.........."

Comments

  1. "ජීවිතයෙන් පලා යන්නෙකුගේ කතව....."

    ReplyDelete

Post a Comment