"තනුව අහිමි පද රචකයා....."


"නුඹ වයන
ඔය තනුව
මගෙන්
බොහෝ
දුර ඈතයි.........

මතක් කර
බලාපන්!
නුඹ
අමතක කල
ඔය තනුවෙ
රචකයා
කවුදැයි කියා........

නුඹත් සමඟ
ඔය තනුව
පබැඳුවේ
 මම
පෙරදිනක
වයන්න
 අද දින
නුඹ
 සමගමැයි........

එහෙත්,
නුඹ එය 
වයා
හමාරයි
තනිව.......

කිම තවත්
වයන්නෙ මගේ
තනු.......

බිඳපන් 
ඔය වෙණේ
තත්
මගේ හදවත
බින්ද 
ලෙසම.......

නුඹට නම් කිම?
නුඹ බින්දේ
මගේ හදවතයි
ඔය වෙණේ
තත් නොවයි........."

Comments

  1. තනුවට වඩා දෙයක් අහිමි පද රචකයකු ලීවා මෙසේ.....

    ReplyDelete
  2. @ ක්‍රිශාන් : ස්තූතියි....

    ReplyDelete
  3. තනුව නුඹේ
    පද පේලි ඇගේ
    නමුත්
    යුග ගායනයට
    හදහන් බලල තමයි
    කෙනෙක් තෝර ගෙන ඇත්තේ

    verification අයින් කරමු ද?

    ReplyDelete
  4. @ wath : ස්තූතියි අදහස් එකතු කලාට. කොහොමද verification අයින් කරන්නේ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්