"සිරිපොද වැස්සේ කුඩයක් යටින්........"


"සිරිපොද වැස්සේ
කුඩයක් යටින්
යුවලක් යයි
එකට තුරුල් වී
මුමුණමින් පෙම් බස්
වැහි බිඳු උන්ගේ
ගත තෙමයි
අහස ගොරණාඩු
කළ විට
ඊට බියේ ඈ
තවත් ඔහුට
තුරුළු වෙයි
එවිට
ඇගේ නලලත
හාදුවකින්
උණුසුම් වෙයි
හමන පවන
කුඩය හා දඟ කරයි
ඔහු තරුලේ
ඈ දඟ කරයි

මා කබල් කුඩෙන්
යන්තම් හිස වසන්
උන් දෙස බලා
සිහිපත් කලා
අපේ ඒ මියුරු
අතීතය......"

Comments

  1. මා සිහිපත් කලා අපේ සොඳුරු අතීතය... ඇඩෙනවා බොල මේකට...

    ReplyDelete
  2. මා කබල් කුඩෙන්
    යන්තම් හිස වසන්
    උන් දෙස බලා
    සිහිපත් කලා
    අපේ ඒ මියුරු
    අතීතය......

    ReplyDelete
  3. @ පලාමල්ල : මාගේ ඇත්තම අත් දැකීමක් මේ, මේ දවස් වල වැස්සත් එක්ක ආයෙත් මතක් උනා. ගොඩක් ස්තූතියි අදහස කියල ගියාට.

    ReplyDelete
  4. හොරු අරන් ගිය
    සොදුරු අතීතය...
    ඇයි මේ විදියට
    දවාලන්නේ
    මුලූ ආත්මයම..

    නියමයි යාලූ...හිත අතීතයට අරන් ගියා...නිකම්ම නෙවෙයි...ඇස් වලට කදුලකුත් දීලා...

    ReplyDelete
  5. නියමයි.....ඇත්තමයි

    ReplyDelete
  6. අම්මෝ.....මේ වාගෙ දර්ශනයක්නම් ජීවිතේට දකින්න නොලැබේවා කියල තමා ප්‍රර්ථනා කොරන්නෙ.පට්ට මචෝ....

    ReplyDelete
  7. @ පොජ්ජේ සහෝ.... : ගොඩක් ස්තූතියි, ඇත්තටම මේක දැක්කම මගේ ඇස් දෙකටත් කඳුලක් ආව. හොදටම තෙමිල නිසා ඒ කඳුල කාටවත් පෙනුන් නෑ

    @ Sandaruwani : ගොඩක් ස්තූතියි යාළුවා ගොඩක් අදහස කියල ගියාට

    @ dinesh : ගොඩක් ස්තූතියි සහෝ අදහස කියල ගියාට ( ඇත්තටම දකින්න නොලැබේවා, මෙහෙම ඉන්න ලැබේවා :D )

    ReplyDelete
  8. මා කබල් කුඩෙන්
    යන්තම් හිස වසන්
    උන් දෙස බලා
    සිහිපත් කලා
    අපේ ඒ මියුරු
    අතීතය......"

    මා හා එදා
    කුඩේ යටින් ගිය
    ඇය අද මා එනතෙක්
    ඇත මඟ බලන්

    එබැවින්
    නොබලා උන් දෙස
    ඉක්මන් කළෙමි පය
    යන්නට ඈ වෙත

    ReplyDelete
  9. @ රවී :
    වැහි බිංදු
    මළ අතීතයට
    ජීවය ගෙනත්
    පෑරුවා මසිත
    තවත් වතාවක්
    අතීතයේ ඈ
    රිදවුව ලෙසින්ම
    මා සිත

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්