"නුඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්........"


"ගොදුරක් හොයා
ඇදීගෙන
හතුරෙක්ට
ඔය පෙන ගොබේ
පුප්පගෙන
තුඹහකට වෙලා
දරන ගහන්
නිදියගෙන
නිදහසේ උන්නු
උඹේ දිවිය
බට පෙට්ටියක
හිර කරන්
එහාට මෙහාට
කුදලන් ගිහින්
උඹව
නටව නටව
උඹට දෙන
දස වදේට
මට
සමාවෙයන්
නයි හාමි,

එක අතකින්
මම වැරදිත් නෑ
මේක අපෙ
පරම්පරාවෙන්ම
එන උරුමෙ
අපේ අප්පොච්චිලත්
උඔලගෙ වරිගෙ
උන්ව හිරකරන්
නටවපු එකේ
මටයි කියල
ඒකෙ වෙනසක් නෑ
අපි උඹලට
දෙයියන්ට වගේ
සළකනව

සත්ව හින්සනේ
සමාජ සම්මතේ
ඔය බම්බු වලින්
අපේ බඩවල්
රැකෙන් නෑ බං
බඩ රැකුනොත්
තමයි
අපි රැකෙන්නෙ
උඹ නැටුවොත්
තමයි
අපේ බඩවල්
සැනහෙන්නෙ
අපිට නින්ද
යන්නෙ

මං නලාව
පිඹින්නං
ඉතිං උඹ
නටාපං
අපේ හෙට දවස
වෙනුවෙන්..........."

Comments

  1. අපූරූයි යාලුවා ................

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි වැප් අයියා.......

    ReplyDelete
  3. හරිම ලස්සනයි...

    ReplyDelete
  4. @ පබලු : ගොඩක් ස්තූතියි

    ReplyDelete
  5. නොදකින දෙයක් දිහා මානුෂීයව බලනවා...

    ReplyDelete
  6. @ පලා මල්ල : ගොඩක් ස්තූතියි යාළුවා

    ReplyDelete
  7. මං හිතන්නේ මං අදයි මේ බ්ලොග් එකට ගොඩ වැදුනේ.. නිර්මාණ ගොඩක් කියෙව්වා.. ඒ අතරින් මේ නිර්මානෙට මං ගොඩක් කැමතියි..! දිගටම ලියන්න මල්ලි..!

    ReplyDelete
  8. ගොඩක් ස්තූතියි අක්කේ ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ මං උසස් අධ්‍යාපනයම හිර වෙලා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්