"ඒ අපේම ජීවිතේ නිසයි....."
"එළියට බහින්න
අහස පොඩ්ඩක් බලන්න
මතක් කරන්න
අන්තිමටම අහස
ඕන කමින්
බැලුවෙ කවද්ද
කියලා
අපි අපිත්
නොදැනම යන්ත්‍ර
වෙලා නෙ
ඉර නගිනවා
ඉර බහිනවා
මල් පිපෙනවා
සමනල්ලු පියාඹනව
මේව බලන්න
කෝ අපිට
වෙලාවක්
අයියෝ ඕව බැලුව
කියල
අපිට ඇත් ඵලේ
මොකක්ද?
පොඩ්ඩක් හිතන්න
මේ අපේ හිතමද
කියල
හ්ම්.......
ඇත්ත නේද
ඒත් ඒක
හිතන්නත්
වෙලාවක්
කොහෙද?
අපි අපිත්
නොදැනම
ලොකු මිනිස්සු
වෙලා නෙ
අපිට අහිමි වුණු
අපේම කියල
කාලයක්
තිබුනද වත්
මතක නෑනෙ
ඒ කාලෙ
කොච්චර ලස්සනද
කොච්චර සුන්දරද
ආයෙත් ඒ කාලෙට
යන්න පුලුවන්නම්
කොච්චර නිදහසක්
තිබුනද
හිතේ මෙලෝ බරක් නෑ
හිතෙනකොට නිකම්ම
සුසුමක් මුවින්
පිටාවෙනව නේද
ඒ අපේම
ජීවිතේ නිසයි......"
ඇත්ත,ඒ කාලය ගොඩක් සුන්දරයි තමයි... :)
ReplyDeleteජීවිතේ තියෙන්නේ විදින්න ඒත් අපි ඇත්තටම විදවනවා නේද කියලා හිතෙනවා.අපූරුයි ඔයාගේ පද පෙළ
ReplyDelete@ අයේෂා : අපි අපේ ජීවිත තාමත් හොයනවා නේද ගොඩක් ස්තූතියි
ReplyDelete@ Princess Thushy : ඒ කාලෙ සුන්දර හින්දම නෙතගට කදුලක් එනව නේද......ගොඩක් ස්තූතියි
ReplyDeleteඒ කාලේ මතක් වෙද්දි ඇඩෙනවා බොල... එහෙව් කාලයක්. අර කිව්වත් වගේ විඳින්න තියෙන ජීවිතය හරි අමාරුවෙන් විඳවනවා අපි... කාට කියන්නද... කාගේ වැරද්දද....
ReplyDelete@ පලාමල්ල : විඳින්න තියෙන ජීවිතේ විඳව විඳව ඒ තුලත් අපි විඳීමක් සොයනව නේද , ගොඩක් ස්තූතියි අදහස එකතු කලාට
ReplyDelete