"පොඩි නම මොකෝ ඔය ඇස් අග කඳුළු කැට....."
"සිවුරු පොඩියක්
පෙරෙව්වට
ඒක ඇතුලෙත්
ඉන්නෙ
මනුස්ස
පැටියෙක් මයි
අම්මගෙන්
කිරි බීපු
ඒ උණුසුම
සැමදා
පතාපු.......
එදා අම්මගෙ
පොඩි පුතා
අද පන්සලේ
පොඩි සාදුලු........
ගැඹුරු ජීවන
ගමනක
යන්නේ කොහොමද
දුර ඈත
අම්මේ
නුඹ තාමත්
මා සිතේ
ලැගුම් ගෙන.........
නෙතු කෙවෙනි අග
රැඳුනි කඳුලක්
හොරැහින්ම
පොඩි නම
මොකෝ ඔය
ඇස් අග කඳුළු කැට..........."
අපි පොඩි හාමුදුරුවන්ට වැන්දට ඒ චීවරයට දරාගෙන ඉන්නෙත් පොඩි ළමයෙක්මනෙ, ඒ අයට සිතේ බැදීම් එක්ක චීවරයට කොච්චර බර ඇත්ද
ReplyDeletelassany yalu
ReplyDelete@ ayesha : ගොඩක් ස්තූතියි
ReplyDeleteහ්ම්.. මට හරිම දුකයි.. ඔයාගෙ අදහස හරිම ලස්සනයි..
ReplyDelete@ Princess Thushy : ස්තූතියි sis Princess Thushy
ReplyDelete