"සබඳ මේඝය ඉතින් වැහැපන්......."


"අව් කාස්ටකේ
වල් කොටල
ගිණි තියල
පින් බිම
හදා ගත්ත
කැලේ ගස් එක්ක හැප්පිල
ඬු වැටත් බැ ගත්ත
ඉල් මහේ
නුඹ ඇවිදින්
හිත පුරා අහස් දිය
දෙනවයි කියා
බටහිර අහසේ
ි පෑව හන්දා

හන්දියේ මුදලාලිගෙන්
ණයට ගත්
කුරහන් සමග මෑ
වපුරන්නයි
සූදානම
සබ මේඝය
ඉතින් වැහැපන් මේ බිම සරුවී
අපේ හිත් පිරෙන්න
කුරහන් කැකුළු
දළු ලා හිනැහෙනු
දකින්න

ප්‍රිය බිරිඳ තැම්බූ
තලප ගුලියක් කා
රෑ පැලේ
අලිත් එක්ක
හැප්පෙන්න
සබඳ මේඝය
ඉතින් වැහැපන්
අපේ පැතුම්
පූදිනු දකින්න........."

Comments

  1. මේ කුරහන් වැපිරෙන මාසයයි.

    ReplyDelete
  2. වැස්ස කියන්නේ පුදුම දෙයක් !!! රජරට ගොවියෝ වැස්ස ඉල්ලලා ශ්‍රී මහා බෝධියට බාරත් වෙනවා. ඒත් රත්නපුරේ අයට ඇති වෙන්න වැස්ස. එයාලට කිසිම අගයක් නෑ වැස්ස ගැන. කොහොම උනත් ලස්සන සංකල්පනාවක් !!!!

    ReplyDelete
  3. අපිට හිම වැටෙනවා,රජරටට පායනවා,රත්නපුරේට වහිනවා...ලෝකෙ කැරකෙනවා...මිනිස්සු මේ ඔක්කොටම මැදිවෙලා දුක් විඳිනවා.උඹේ අදහස්නම් පට්ට මචෝ..

    ReplyDelete
  4. අපිට පායනවා නැතිවෙන්න පොලව පැලිලා හතරට . අපි තාමත් වැහි කඳුලක් බලාපොරොත්තුවෙන් !

    ජයවේවා !!

    ReplyDelete
  5. @ මධුරංග : වැස්ස ආශිර්වාදය වගේම විනාශයත් ගෙනෙන වෙලාවල් තියෙනව, කොහොම උනත් වැස්සට මම නම් ආසයි. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට.

    @ dinesh : ගොඩක් ස්තූතියි සහෝ......

    @ හිස් අහස : අපේ පිපාසිත ජීවිත වල පවස වැහි බිදකින් වත් නිමෙනවානම්, ඔබටත් ජයවේවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

ඔයාට මොකද උනේ රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් (R.M.S. TITANIC)? නැව් ගැන ලිපි 2