සිතක සිතුම්
අඩේ මටත් බෝගක්ද මොකක්ද එකක් තියෙනෝ නේද කියලා එක පාරටම හීනෙන් වගේ මතක් උනා, අනේ සොරි වෙන්න ඕනා මේ යලට මහට කොරන බොග් කෙරුවාවට, වී ආ බිසී පීපල් නෝ? ඇත්තමයි අධ්‍යාපන වැඩයි රස්සාවයි දෙක බැලන්ස් කරන් යද්දී සමහර දේවල් අකමැත්තෙන් උනත් අතාරින්න වෙන තරමට කැප කිරීම් කරන්න වෙනවා. එත් මොකක්දෝ කැසිල්ලකුත් තියෙනෝ, කොහෙද ඒ අස්සේ මේ කිරිල්ලියක් ඉඳන් අවුස්සා අවුස්සා කරදර කරනෝ නේ කවියක් හරි කතාවක් හරි ලියන්ට කියලා. ඒ අස්සේ අපේ ලොම් නැති හාවා (ඒ ආදරේට කියන නමක්) සමහරුන්ට නම් ද විලන් ලු . මහේෂ් රත්නායක බුවාත් ඉතින් කෝල් කර කර විස්තර අහනවා. ඉතින් මේ ඔය අව් අස්සේ හිතට ආපු මොනාද මන්දා ටිකක් බොගට දාල මම යනෝ. හත්වාලාමයි ඔක්කොටම කලින් මකුළු දැල් ටික කඩන්නත් ඕනා. (හැක). නුඹ මාරුතයකි ඔහේ හමායන නුඹ මාරුතයකි ඔහේ හමායන නොසලී සිටිනට වෙර දරන මසිත් රුක දළු ලා වැඩෙන බලාපොරොත්තුවක ලපලු පත් කුනිති ගස්සන එමත්තේ ගැවසී නොගැවසී සිලි සිලි නාද නංවන සිහලල්ව වෙලී වෙලී ගත ගතකිලිපොවන ඉසියුම්ම හැඟුමන් ගත පුරා ගෙනයන රිදුම් පිරි මිලින කොළ මවෙතින් ඈතකට ගෙනයන දඟකාර කෙලි කවට කම් කරන එහෙත් රිදුමක් ඉතිරි කරවන ඔව් නුඹ මාරුතයෙකි සැ...