Posts

Showing posts from October, 2014

ලයියාගේ සිහිනය (true stories behind the green field)

Image
සෑම දිනක ම ලෝකයේ සැබෑ ම සත්‍ය කතා සිදු වන අතර ඒවායින් බහුතරයක් කවුරු වත් මීට කලින් නො දැක ඇතුවාට කිසිදු සැකයක් නොමැත. එතරම් ම වැඩි කාලයකට   පෙර නොව දකුණු අප්‍රිකාවේ සවානා   බිමක විසූ මව්වරුන් දෙදෙනකුගේ බලාපොරොත්තුවේ කතාවයි මේ. සෑම විටම ඔවුන්ගේ ජීවිත සුරැකී ඔවුන් සතු   තිබුණේ අසාමාන්‍ය ධෛර්‍යය මතය. කඳුකරයේ නො දන්නා ඉසව්වකින් ඇරඹී මේ තැන්න හරහා වක ගැසෙමින් දඟර දමමින් ගලා ගිය ගංගාව ඔවුන්ගේ රාජධානිවල දේශ සීමා මායිම් කර තිබුණි. එය ප්‍රබල රාජධානි දෙකක් අතරින් නිදහසේ ගලා ගීයේ ය. දකුණු ගංගා රාජධානිය ගත් කල එහි අභීත සිංහ ධේනුවන් සය දෙනෙකුත්, උන්ගේ සුරතල් බිලාල කොලු කෙලි පැටික්කන්ගේ දඟකාර කම් වලින් පිරී ඉතිරී තිබුණි. සෑම තැනකම පැතිර තිබුණේ ත්‍රාසය හා සැකය පමණි. ඒ ගැන මේ කොලු කෙල්ලන්ට නම් වගක් නැති ගානය . උන් එකම පෙළපතක උරුම කරුවන් ය. කොට්ටා සහිත පුංචි පාද හිමිහිට බිම තබමින් විමතිය පිරි දෑසින් කොටු කෑල්ලකට එරවුම් ගෙරවීම් කරනා පැටියෙකි. විටෙක කොටුවට හිමිහිට තට්ටුවකි , තවත් විට පිම්මකි, මොහොතකින් ඌ මවු තුරුලේය. ආදරණීය ලෙව කෑම් වලින් පැටවා නැහැවී යයි. ලයිලා, සියල්ලන් අතර පරිණත හා වැඩිම...

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

Image
සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු. " රාහුලෝ ජාතෝ  බන්ධන ඡාතං " කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත. බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත. කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම...

කරත්ත කවි කියමුද?

Image
අව්ව සැරයි ගමන දුරයි  හනික යමං මගෙ සුද්දෝ  උඹත් ඉතිං එකතු වෙයන්  පමා නොවී මගෙ රත්තෝ  කුර ගෙවිලා පය දනවා  නොදන්නවා නෙවේ ඉතිං  ඊට වඩා හිත දනවා  ඉකිබිදින්න බැරිලු ඉතිං  කොච්චර දුර ඇවිද ගියත්  තවමත් අපි එක තැනමලු  එතනින් තව කොහෙවත්  යන්න නැතිලු යන්න බැරිලු  කරත්ත කවි නොකීවාට  දහසක් කවි හිතේ තියෙයි  ඒ කවි වල දුක අහන්ට  අපේ සවන් අපට තියෙයි  හනික යමන් පමා නොවී  පමා වුනොත් පාඩු ගොඩයි  එහෙම උනොත් මගෙ දෑතට  ලැබෙන කාසි පනං අඩුයි

වේසී සහ වේස බල්ලා (රත්නපුර ස්පෙෂල්)

Image
සුලන් කැළඹිලි මහ පොලවට හුරුය හෙනද සමගින් මහ වැසි ඇද වැටේය බොර දිය ඒ කවදත් බොරම පාටය පහත් තැන් තලා පොඩිකර ගලාය තලන්නට පෙර යකඩය රත් කෙරේය තලනා කලට කිනිහිරටද එය දැනේය තල තලා හොඳ හැටි තැලේදැයි බැළේය තැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේය තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය කට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන් කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන් ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින් මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින් තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙද මුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙද වේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙද වේසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙද ප.ලි. බස්සි  අක්කගේ  මුතු ඇටේ දැන් කාකි පාටය  ලිපිය කියවා එහි පලකල කමෙන්ටුවක් මෙසේ පලකලෙමි.