Posts

ආයෙමත් ආදරෙන්

Image
මේ සින්දුව අහන ගමන් පහලින් ලියල ඇති හෑල්ල කියවන්නකෝ ඉතින්. නැවතත් මා ඒ හැඟීමේ මුලාවෙමින් සිටිම්දෝ මට හැඟෙ, මට මා අවනත නොවන බවකි, ඔබ සමීපයේ මට පෙර කිසිකලෙක නොවූ සැනසුමක් තිබුනේ මන්දැයි මා නොදනිමි, ඒ සැනසුමට මා පෙම් කලෙමි. කාලය නැවතත් ඔබව මා මතකයට ගෙන එයි, මේ වස්සානය ඔබ මෙන්ම දොඩමළුව මට ඉඟි කරයි, ඒ ඉඟි ඔස්සේ ඔබේ මතකය නිතැතින්ම අවදි වේ. මේ හුදෙකලාවම ඔබේ මතයන් මතින් ගෙවී යාවි. මේ හදවත මට අවනත නොවනා සේයකි හදවත නුඹ හරිම මුරණ්ඩු ය. නුඹට නවතිනු නොහැකිද යලිදු මතකයන් මත වලපෙන්නද නුඹ මට කියන්නේ මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි මා සැබවින්ම නොදනිමි හදවත යලිදු ප්‍රේමයෙන් මුසපත් වී ඇත මම මාද නොදැනම යලිදු පෙම් කරමි මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි මා සැබවින්ම නොදනිමි හදවත මමනුඹෙන් අයදිමි නුඹ ප්‍රවේසම් වනුමැනවි ප්‍රේමයට එහි යලිදු ඉඩක්වෙත්දැයි මා නොදනිමි මම රස්තියාදු ගසන්නෙමි නැත මා නොව ඒ මගේ සිත විය යුතුය මම සිතේ මාවත් ඔස්සේ රස්තියාදුවේ යමි මට තවමත් ඒ මං මතක ඇති හැඩය සැබවින්ම ඒ නුඹ තැනූ මාවත්ය. එහි කොනක අප සැදු නිවහන තවමත් එසේමය මම එය අසල මොහොතකට නතර වෙමි නුඹ එහි වෙත්දෝ සැකයක් උපදී නුඹ එහි වෙතැයි සි...

ඉයන්ගේ අභියෝගය, මම කැමති සින්දු 16

Image
කාලෙකින්ද කොහෙද  බ්ලොගේ පැත්තේ ආවේ. ඉයන් අන්කල්ගේ සින්දු චැලේන්ජ් එකත් එක්ක බුකිය පුරා සින්දු පොස්ට් යද්දී ආයෙත් බ්ලොග් පැත්තේ ආවේ මගේ සින්දු ටිකත් කියල යන්න. ඇත්තටම මේ දවස් වල වහන් වෙලා ඉන්නේ අධ්‍යන වැඩයි පරීක්ෂණ ව්‍යාපෘති වැඩයි විභාගයි තියෙන හින්ද. සප්ත මහා සාගරේ වගේ තියෙන සින්දු වලින් තමන් කැමති සින්දු 16 තෝරලා වෙන් කරන එක හරිම අමාරු වැඩක්.  හරි වැල් වටාරම් මොකටද, සින්දු වලට යමුකෝ.  මේ සින්දු ටික පිළිවෙලකට ගත්තම මට විශේෂයි. මුල ඉඳන්ම එමුකො එහෙනම්. කවුද අකමැති අම්මගේ තුරුලේ ආයෙත් නැලවෙන්න. කාලය ගෙවිලා ගිහින් අපි කොච්චර ලොකු මහත් උනත් කකුල් දෙකට කොට්ටයක් දාල ඒ උඩින් අපිව හොවල ඒ කකුල් දෙක රිදෙනකන් පද්ද පද්ද අම්ම කියපු නැළවිලි ගී අමතක වෙන්න නම් විදියක් ඇත්තෙම නැහැ නේ. මේ සින්දුව අහද්දී අම්මගේ තුරුලට හිත දුවල ගිහින් එදා දැනුනු උනුසුමේ මතකයන් එක්ක අම්ම මුමුණපු කවි දෙසවනනට නිකන්ම ඇසෙනවා වාගෙයි. ඒ වගේම  ඒ කාලේ හැම මතකයක්ම චිත්‍රපටියක් වගේ ඇස දෙක පියා ගත්තම මැවිලා පෙන්න ගන්නවා. අද අම්මගේ තුරුලේ ඒ වගේ නැලවෙන්න බැරි උනත් සැටියේ අම්ම ඉන්න කොට ඔලුව පොඩ්ඩක් උකුලට බර කරොත් නෝක්ක...

බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට

Image
රටා නැතත් ඉටි පදුරක උකුලේ හොවා නිදි ගන්වපු සියලු දෙවියෝ රකිත් ම'පුතු පංචායුදෙ ගෙලේ හොවපු එකම පුතුගේ හිස මත්තට තල් අත්තක අඳුරු හෙවන නුදුරු දිනක වැටෙයි කියල බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට කොයි අම්මද එහෙම හිතුවේ තල් වැට වට ඉස්කෝලෙක අනා ආවන්නා කියා දීපු සිංහල ටීචර්ගේ දැවටි දැවටි පොංගල් දා කෝවිල් ගිය මුරුගාගෙන් පිහිට පතපු උඹ නොදන්න උඹ වගේම බොහෝ ලපටි උන්ගෙ කරට සයනයිට් විස බැඳෙයි කියල බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට කොයි කැකුලද එහෙම හිතුවේ හිස පිච්ච මලින් සැරසූ හිමිසඳ දෑත ඒ මල් ගීලිහි පරවී ගොස් අවි දරන කල රුපුන් නැසුමට යශෝරාවෙන් සොවෙන් ලතවී උන් මලදා වයිර අග්නියෙන් දවා මළකඳ චිතකයක අළු නිවෙන්නත් කලියෙන් බිඳ වැටුණු ගැහැණු හදවත උන් නසාගෙන මැරෙමියි සිතන මිනිස් බෝම්මයයක් වෙයි කියල බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට කොයි බිරිඳද එහෙම හිතුවේ වයිරයේ රකුසු වේශය නොසන්සිඳි ලේ පිපාසය උඹේ සනුහරේ ඇවිලූ ගින්න ඒ ගින්නට පිදුරු ලූ උන් එක්ක නුඹේ සම මසුත් ඉල්ලා ඉන්නැති සංසිඳව ගන්නට දකුණේ විලාපය කඳුළු ගලා ගිය යවට වන් නෙතින් මානා එල්ලය හරි ඉලක්කෙට විස්කොත්තකට කැටි ආදරෙන් උදුර ගන්නැති නුඹේ ප්‍රාණය උණ්ඩයට උණ්ඩයෙන් බාලචන්ද්‍රන් උඹත...

නොකී කතාවක

Image
පින්තුරේ  මෙතනින් ගත්තේ මියැදුණු හැඟුමක් සොරකම් කල නුඹ සිතුවිලි මගේ යලි කළඹා නොනැගුනු වදනක සීතල හිමකැට උනුහුමකින් ගුලි කරවා නොකී කතාවක වගතුග මොනවද ඇසුවා පෙරදා මතකය සරදම් කල හඬ යන්තම් දෙසවන රැඳුනා නොදැනිම මුව ගොළු වූවා ගිනියම් සිත මත පිනි බිඳු තැවරු වසන්තයේ වැහි තිබුණා වැසි කුලු මෙතරම් කළු කිමදැයි නිකමට සැක සිතුනා ඉඳහිට විදුලිය මහ හඬ නැගුවද ගැස්සුණු සිත් වෙළුනා මාරුත අතරේ ප්‍රේම තරන්ගේ කොහේදෝ මානෙක ඇදුනා නොකී කතාවක ප්‍රේමයේ උණුසුම වැහිපොද අතරේ දැනුනා නොදැනිම ප්‍රේමය වින්දා වැහිබිඳු ගිනිගෙන කාලය අළුකර අසනි වැසි ඇද වැටුණා නුබේ ලොවක් තුල මගේ ඉමක් ගැන සිහිනය පැටලී තිබුනා මා දුටු සිහිනය මගෙන් උදුර ගෙන ප්‍රේම කුණාටුව හැමුවා රුවල් ඉරීගිය පහුරක තනිවී මා පෙරමග තව බැලුවා නොකී කතාවක මැවෙනා සිතුවම් නෙතු මානයේ බොඳ වූවා නොදනිම කඳුලක් වැටුණා මියැදුණු හැඟුමක් සොරකම් කල නුඹ සිතුවිලි මගේ යලි කළඹා නොනැගුනු වදනක සීතල හිමකැට උනුහුමකින් ගුලි කරවා නොකී කතාවක වගතුග මොනවද ඇසුවා පෙරදා මතකය සරදම් කල හඬ යන්තම් දෙසවන රැඳුනා නොදැනිම මුව ගොළු වූවා

කාලය (කෙටි කවිද මන්ද)

Image
පින්තුරය ගත්තේ  මෙතනින්   මිදුල උඹ අතුගාන කොට හීනි වැලිකැට රටා මවන හැටි එත් බොරුවමයි මියුනු පත්  ඇඟේ ලාගෙන උඹ ආයේ හැඩි වෙනවා මන් කෝමද ආයෙත් අමදින්නේ? මගේ දෙපා සහටනුත් මැකෙනවා එතකොට උඹත් හීරෙනවනේ ඉදලට හැක් ,මේ පොස්කටුවේ  පොඩි විශේෂයක් තියෙනවා. හැක් මම දන්නෙත් පස්සේ.

දුකෙද කඳුලේද සියුම් පරතෙරක

Image
චංචල ම හැඟුමක වුව ප්‍රීතිය මදක් තිබිය හැක සියුම් ලෙස කම්පිතව හදවතද ඉන් ගැසෙනු ඇත ඇසිල්ලක සුවය දෙන චංචල සිතක හැඟුමක මුදු මෙලෙක් ස්පන්දනය සියොළඟ පුරා දිවෙනු නොහැකිද කිලිපොලා යන කලෙක ගත මිදෙනු නොහැකිද ඉතින් ලෙය මොහොතක් ගෙනා ප්‍රීතිය දුකකටද හේතුවම විය හැක සිප ගැනුමටද සිත් දෙන මලක අග එහෙයින්ම කටුවක් තිබිය හැක දෙතොලග සියුම් ලෙස රිදවුවද මෘදුම සුවඳක් ඉන් නැගෙනු ඇත නෙතු මානයද ද දෑස රවටන විසිතුරව දසුන් මවන කල යලි හැරී බලනා නිමේෂෙක කඳුලකින් නෙතු බොඳ නොවේවිද ජීවිතයද එලෙසම ගත කලෙක මොහොතින් සැම වෙනස් නොවේවිද දුකෙද කඳුලේද සියුම් පරතෙරක ප්‍රීතියක් ගැබ්වී සිතම නොරැවටෙද ජීවිතය අනියත බවම වුව මොහොතකට අමතක නොවේද මොහොතද තව මොහොතකට පාරම කියනු නොහැකිද ඉතින් කෙලසකම නම් පැතුම් පොදි බැඳ ගෙනම සංසාර ගැලට වැද ගොනු  දක්කනේ නොදත් මාවතක දිවිය අනියත බව අමතකම දිවියක  සිට ( සැ. යු :- මේක කමෙන්ට් කවියක්, අපේ  හංසයා  ලියපු  හදවතට කියන වග නම්  කවිය කියවද්දී හිතට අපු දෙයක්. )

හුදෙකලා රාත්‍රියක

Image
තණ පතක පිණි බිඳකි මේ හැඟුම මා සිතට දුරක සිට නිලට දිලෙන තරුවක්ය නුඹ රැයට හිස් අහස  කළඹමින් දුක් ස්වරය හා මුසුව ගී ගයයි මද පවන වියකි යයි සිතින් මේ හැඟුම මා විඳින හෙට පහන් වන විටම යලි ආයෙත් රැයක දළුලා එනු පිණිස බලා හිඳිමි නුඹ දෙසම මතකයට සම වැදව සිප ගනිමි දහස් වර මේ හිස් අහස යට ගණදුරම තුරුල් කොට මතකයේ නුඹ දෙතොල නුඹ හා මා අතර හිස් අවකාශයක දඟකාර වලා කැටි හරස් වෙයි නුඹ දසුන නුඹ දෙසම බලා ඉනු නොහැකිය ඉතිං මට වළාවනටද ඉඩක් අවැසියි නොවේද රැය පුරා පිනි වැස්ස වැටෙනවා අප ලොවට නෙතු දෑල දොඩමළුව සිටිනවා පෙර ලෙසම නුඹත් දිලි දිලී ඉඟි කරන කොට මෙලෙස නෙතු තෙමෙනවා ඒ පිනි බිඳු නොවන වග නුඹ දන්නවා මට වඩා හොඳට